කෝපායි, අල්ලියාවත්ත ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා හා අසල්වැසියන් කිහිපදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙසේ උදැල්ලකින් පහරදී ඔහුව ඝාතනය සිදුකර ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලීසිය පැවසුවේ මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 37 හා 63ක් වන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කෝපායි පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.








