2025 සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, විභාග මධ්‍යස්ථාන 3,545 කදී, අපේක්ෂකයන් 451,463 ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.

අද (17) සිට ලබන 26 වැනිදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා.

පවතින කාලගුණික තත්ත්වයන් හෝ වෙනත් යම් ආපදා හේතුවෙන් අපේක්ෂකයන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාමට බාධාවක් මතු වුවහොත්, ඒ සඳහා සහාය වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.