මින් ඉදිරියට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණය සිදුකරනු ලබන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද මත පමණක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, සියලු තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීම මෙහි අරමුණ බවය.
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සියලුම ලංකා ගමනා ගමන මණ්ඩල ප්‍රදේශීය කාර්යාලවල මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,
”තමන්ගේ තියෙන සුදුසුකම් බලනවා දේශපාලන කොළකෑලි නෙමේ.. ඉන්ටවීව් බෝඩ් එකට එන්න ඕනේ.. ඉන්ටවීව් එකේදී බලනවා තමන් ඒ තනතුරේ රැකියාව කිරීමට සුදුසු ද කියලා සුදුසු නම් තමන්ට ඒ රැකියාව කරගෙන යන්න පුලුවන්.. ඒ අදාළ වැටුප් තලයේ පිහිටුවනවා.. නුසුදුසු නම් තමන් පත් වෙනකොට පත් වෙච්ච තැනට එන්ඩ වෙනවා.. පුරප්පාඩු බඳවා ගන්න ගියාම මොකද කියන්නේ.. ඔයාලගේ කාඩර් එක තියෙනවා අච්චර ප්‍රමාණයක් ඇයි මේ වැඩිපුර ඉල්ලන්නේ කියලා අහනවා.. ලංගමේ බස් 5000ක් විතර තියෙනවා වුණාට 5000ටත් අඩු බස් ගාණක් දුවන්නේ දවසකට.. කී දෙනෙක් ඉන්නවා ද රියදුරු, කොන්දොස්තරවරු.. 18,000ක් විතර ඉන්නවා.. හැබැයි 14,000යි ඕනේ… රියදුරු කොන්දොස්තරවරු විදිහට ඇවිත් මේ ගොල්ලෝ වෙන වෙන තැන්වල ඉන්නවා.. අපිට බඳවා ගන්න ගියාට පස්සේ රියදුරු, කොන්දොස්තරවරු බඳවා ගන්නත් බෑ.. ඒ තනතුරුවලට බඳවා ගන්නත් බෑ.. දැන් මේ අන්තර්ග්‍රහණය හරහා තමන්ට සුදුසුකම් තියෙනවා නම් එතන තියනවා.. නැත්තම් බස් එකට බහින්න වෙනවා”








