රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොලම්බු නමැති සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 19දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවර්ණාගොඩ ඉදිරියේ කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටි විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේය.
අකුරේගොඩදී නීතිඥවරයකු ඝාතනය වීම නිසා නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත්වීම නිසා චුදිත වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොවීය. ඒ නිසා නඩුව වෙනත් දිනයක කැඳවීමට මහාධිකරණ විනිසුරුවරිය දින නියම කළාය.
රග්බි තරගාවලියක් පැවැත්වීම සඳහා 2012 වසරේ ඔක්තෝබර් 15දා සහ 2013 වසරේ ඔක්තෝබර් 14දා අතර කාලය තුළදී රග්බී ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා වන්නකුවත්ත වඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරා යන අය මාර්ගයෙන් රුපියල් මිලියන 70ක මුදලක් ගෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ චුදිතට එරෙහිව චෝදනා ගොනු කරන ලදි. මෙම නඩුව ගොනුකර ඇත්තේ “දූෂණ විරෝධී හඬ” සංවිධානය වෙනුවෙන් වත්මන් වෙෙළඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් 2016 වසරේදී පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලක් අනුවය.
චන්දන ජයවීර








