IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සතියේ ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ලබන සඳුදා (16) ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතය.

තෙදින සංචාරයක් සඳහා පැමිණෙන ඇය එළැඹෙන බඳාදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට නියමිතව ඇත.

ඇයගේ මෙම සංචාරය අතරතුර රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමුවීමට නියමිත අතර, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම පිළිබඳව සෘජුවම නිරීක්ෂණය කිරීමටද නියමිතය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය විය හැකි ක්‍රම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දායක විය හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.