ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට (BNP) සහ එහි නායක තාරික් රහ්මාන්ට බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ අතිවිශිෂ්ට ජයග්රහණය සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ “ප්රජාතන්ත්රවාදය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය නැවත තහවුරු කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ජනතාවට සුබ පැතුම් එක් කරන බවත්, මෙම මැතිවරණවලදී BNP නායකත්වය දැරූ තාරික් රහ්මාන් මහතාට සුබ පැතුම් එක් කරන බවත්ය. ලැබුණු ප්රතිඵල අනුව ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු කරයි. ශ්රී ලංකා – බංග්ලාදේශ සබඳතා ශක්තිමත් කිරීමට මම බලාපොරොත්තු වෙමි,” යනුවෙන්ද එහි දැක්වේ.








