අකුරේගොඩ දී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ඊයේ (13) පස්වරුවේ තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් දැඩි ලෙස හෙළාදකින බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසනවා.

නීතියේ ආධිපත්‍යයට මෙවැනි ප්‍රහාර බරපතළ තර්ජනයක් එල්ල කරන බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ සහ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්, ඔවුන් නීතිය හමුවට පමුණුවන ලෙසත් එම සංගමය පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ස්ථිර පියවර ගත යුතු බවයි නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.