වනඅලි දෙදෙනෙකු කඩාපැන වාලච්චේනේ කලබලයක්

මඩකලපුව, වාලච්චේන නගරයට වනඅලි දෙදෙනෙකු කඩාපැන අද (13) පෙරවරුවේ කලබලකාරී වාතාවරණයක් උදාවිය.

මෙහිදී වනඅලි දෙදෙනා සිවුදෙනෙකුට පහරදීමක් සිදුකර ඇති අතර, එහිදී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය කාන්තාව 68 හැවිරිදි වියේ පසුවූ අතර, ඇය ආහාර අලෙවි කරමින් සිටියදී මෙම වනඅලියාගේ ප්‍රහාරයට ලක්ව තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිදෙනාද බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.