විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කිසිවකුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව, එහි සිදුවී ඇති පරිගණක පද්ධති බිඳ වැටීම තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බැවින්, අද දිනයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත නොපැමිණෙන ලෙසයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
පරිගණක පද්ධතියේ බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත්, සාමාන්‍ය සේවාවන් ලබන 16 සඳුදා දින නැවත ආරම්භ වන අතර, අද දින අයදුම්කරුවන්ට එදින ප්‍රමුඛතාව ලබා දෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.








