බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන නිර්මාණය කිරීමේදී ප්‍රධාන දුම්රිය ස්ථාන හරහා අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය දුම්රිය මාර්ග පද්ධතිය සමග ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව සොයාබලන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ ගුණාත්මක ප්‍රවාහන සේවයක් සහතික කිරීම සදහා වන උපාය මාර්ගික සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයි.
කොළඹ නගරයේ දැනට පවතින දැඩි රථවාහන තදබදයට පිළීයමක් ලෙස මෙට්‍රෝ බස් රථ සේවාව හදුන්වාදීමට සැලසුම් කර ඇති බවත්, එම බස් රථ ලබන අගෝස්තු මාසය වන විට මෙරටට පැමිණීමට නියමිත බවත්, මෙහිදී ප්‍රකාශ කෙරුණා.
කොළඹ අවට ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන වැඩසටහන පසුව ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වෙතත්, ඉදිරි වසර 03 තුළ ප්‍රධාන නගර 08ක් දක්වාත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවයි මෙහිදී අනාවරණය වුණේ.
මේ අතර, ත්‍රිරෝද රථ, ටැක්සි සහ පාසල් වෑන් රථ නියාමනයට ක්‍රමවේදයක් සකස් කර තිබෙන අතර සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් පසු එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.








