”ඉන්දු – පාකිස්ථාන තරගය නරඹන්න පැය 04ක්වත් කළින් එන්න: ඇතුල් කිරීම පස්වරු 3.00 සිට ” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පෙබරවාරි 15 වැනි ඉරිදා දින පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

එසේම ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 07.00ට ආරම්භ වීමට නියමිත තරගය සඳහා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් දොරටු පස්වරු 03.00 සිට විවෘත කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි විගස ක්‍රීඩාංගනයට පැමිණෙන ලෙසයි.