පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය, සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව, අදාළ කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමෙන් අනතුරුව, මෙම පනත් කෙටුම්පත සඳහා ඒකමතික අනුමැතිය ලබාගෙන ඇති බවයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික සඳහන් කළේ.
මෙම පනත් කෙටුම්පත එළඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.








