2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 105 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 225 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 60 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 61 ක් හා ලංකා පිතිකරුවෙකු විස්සයි විස්ස තරගයක වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය පන්දු 19 කින් වාර්තා කරමින් දසුන් ශානක ලකුණු 50 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ඕමාන කණ්ඩායම වෙනුවෙන් Jiten Ramanandi කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඕමාන කණ්ඩායමට සිය පන්දුවර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 120 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් ද, දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ලක්, දුෂාන් හේමන්ත එක් කඩුල්ලක් හා කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ලක් බැගින් ද බිඳ හෙළීමට සමත් වුණා.









