CID අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් යොමු කරන ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩයක් සම්බන්ධයෙන් දැනුම්දීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ විද්‍යුත් තැපැල් පණිවිඩයක් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් මේ දිනවල මහජනතාව වෙත යොමු කරන බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශානි අබේසේකර (Shani Abesekara. Director of the Criminal Investigation Department (CID), Colombo 07, Sri Lanka, NationWide Could, Protection 24/7) යනුවෙන් ව්‍යාජව සකස් කළ email පණිවිඩයක් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් මෙලෙස මහජනතාව වෙත යොමු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම email පණිවිඩය කිසිසේත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යොමු කරනු ලැබූ විද්‍යුත් තැපැල් පණිවිඩයක් නොවන බවත්, [email protected], [email protected] යන විද්‍යුත් ලිපිනයන් මඟින් යොමු කර ඇති ඉහත ව්‍යාජ විද්‍යුත් පණිවිඩ මහජනතාව රැවටීම, මුදල් වංචා කිරීම හෝ පුද්ගලික තොරතුරු ලබා ගැනීම යන වංචනික ක්‍රියාවන් සිදු කිරීමේ අරමුණින් යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම පණිවුඩ සඳහා පුද්ගලික තොරතුරු ලබාදීමෙන් වළකින ලෙස පොලිසිය විසින් මහජනතාවට දන්වා සිටිනවා.

 news images