හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කළා.
මෙම නඩුකරවලට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කර තිබූ දිවුරුම් පෙත්සමක අන්තර්ගත කරුණු පදනම් කරගෙන, පෙත්සම්කාර පාර්ශ්වයේ ද එකඟතාව ඇතිව පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවා තිබුණා.








