ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ

2026 වර්ෂයට අදාළව ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක සඳහන් කළේ, එම ක්‍රියාවලිය සඳහා ග්‍රාම නිලධාරීන් නිවෙස් වෙත නොපැමිණෙන බවයි.

මේ අනුව 2025 ඡන්ද හිමි නාමලේඛනයේ ඉවත්වන සහ 2026 වර්ෂයට ඇතුළත් කිරීමට හිමිකම් ලබන නම් ඇසුරින් ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය කෙරෙනු ඇති.

මීට අමතරව www.elections.gov.lk වෙබ් අඩවිය හරහා ද ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා මාර්ගගතව ඉල්ලුම් කිරීමට අස්ථාව සලසා ඇතැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.