2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 03 ක් අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද පැවැත්වෙන පළමු තරගය ලෙස D කාණ්ඩය යටතේ ඇෆගනිස්ථාන කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය අහමදාබාද් හිදී පෙරවරු 11.00 ට ආරම්භ වන අතර, දෙවන තරගය ලෙස B කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 3.00 ට පැවැත්වෙනවා.
එසේම, අද දිනයේ පැවැත්වෙන තෙවන තරගය ලෙස C කාණ්ඩය යටතේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.00 ට ඉන්දියාවේ Wankhede හිදී පැවැත්වීමට නියමිතයි.








