අද වන විට වත්මන් ආණ්ඩුව සමාජයේ සියලු ජන කොටස්වලින් පළිගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
විශේෂ ප්‍රකාශයක් කරමින් පෙරේදා (09) ඒ මහතා මේ බව කීවේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට සුවිශේෂ ස්ථානයක් ලබා දී ඇති නිසා රජය සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කරනවා සේම සෙසු ආගම් සංස්කෘතිය ආරක්ෂා කළ යුතු වුවත් ඒවා නොකර අප රට නිරාගමික රටක් බවට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. මේ වන විට ගොවි ජනතාව අස්වැන්න නෙළා ගත්තත් අස්වැන්නට සාධාරණ මිලක් නෑ. මාධ්‍යවලින් දැන ගන්න ලැබෙන ආකාරයට වී ගබඩා වසා ඇති බැවින් වී මිලදී ගන්නේ කෙසේද කියා දැන ගැනීමට අවශ්‍යයි. ගොවීන් පැමිණිලි කරන ආකාරයට වගා කටයුතු අවසන් වුවත් පොහොර සහනාධාරය තවම ලැබී නැහැ.මේ රජයට චීනයෙන් නොමිලේ ලබා දෙන පාසල් නිල ඇඳුම් පවා බෙදාදීමට නොහැකි වෙලා. මෙසේ ජනතාව පීඩාවට පත් නොකරන ලෙස ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත








