ජනා­ධි­පති අර­මු­දලේ වෛද්‍යා­ධාර ඉහළ දැමේ

විශේෂ අව­ශ්‍යතා සහිත විශ්ව­වි­ද්‍යාල සිසුන්ට රු. 100,000ක ආධාර

උසස් පෙළ විශි­ෂ්ට­යන්ගේ ශිෂ්‍යත්ව දෙගුණ කරයි | සැත්කම් පෝලිම් අවම කෙරේ

ජනා­ධි­පති අර­මු­දලේ වෛද්‍යා­ධාර මුදල් ඉහළ දැමී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඊයේ (10) රැස්වූ ජනා­ධි­පති අර­මු­දලේ පාලක මණ්ඩ­ලය තීර­ණය කරයි.

අධ්‍යා­ප­නික ශිෂ්‍යත්ව පුළුල් කිරී­මට සහ සැත්කම් පෝලිම් අවම කිරී­මට ගත හැකි පිය­වර පිළි­බ­ඳව මෙහිදී විශේෂ අව­ධා­නය යොමු කෙරිණි.

ඒ අනුව කමිටු නිර්දේ­ශ­ව­ලට අනුව, දැනට ලබා දෙන වෛද්‍යා­ධාර ගාස්තු සංශෝ­ධ­නය කර­මින් එම ආධාර මුදල වැඩි කිරී­මට තීර­ණය විය. වෛද්‍යා­ධාර ලබා දීමේදී දැනට පව­තින දැඩි නිර්ණා­යක ලිහිල් කර­මින්, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලියා­ප­දිංචි ඕනෑම රෝහ­ල­කින් ප්‍රති­කාර ගන්නා රෝගීන්ට ආධාර ලබා ගත හැකි වන පරිදි සරල කිරී­මට ද මෙහිදී එක­ඟ­තාව පළ විය. එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා­ප­දිංචි වෛද්‍ය­ව­ර­ය­කුගේ නිර්දේශ මත පම­ණක් වෛද්‍යා­ධාර ලබා දීමට ද තීර­ණය විය.

විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ලබන විශේෂ අව­ශ්‍යතා සහිත සිසුන් සඳහා ඔවුන්ගේ අධ්‍යා­පන සහ මූලික අව­ශ්‍යතා සපුරා ගැනීම වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ­යක එක­වර ගෙවන ආධාර මුද­ලක් ලබා දීමට පාලක මණ්ඩ­ලය මෙහිදී තීර­ණය කළේය.

සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම එක් විෂය ධාරා­ව­කින් වැඩිම ලකුණු ලබා ගන්නා සිසු සිසු­වි­යන්ට මෙතෙක් ලබා දුන් ශිෂ්‍යත්ව සංඛ්‍යාව 10 සිට 20 දක්වා දෙගුණ කිරී­මට ජනා­ධි­ප­ති­ව­ර­යාගේ යෝජ­නාව පරිදි තීර­ණය විය.

රජයේ රෝහ­ල්වල හෘදය සැත්කම් (Heart Surgeries) සහ ඇසේ සුද ඉවත් කිරීමේ (Cataract) සැත්කම් සඳහා පව­තින දිගු පෝලිම් අවම කිරීම සඳහා ජනා­ධි­පති අර­මු­දලේ මැදි­හ­ත්වී­මෙන් කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරී­මට මෙහිදී සාකච්ඡා විය. මේ යටතේ රෝහල් පද්ධ­තිය ශක්ති­මත් කිරීම පිළි­බ­ඳව ද අව­ධා­නය යොමු විය.

‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් පීඩා­වට පත් පවු­ල්වල පාසල් දරු­වන් සඳහා ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් 10,000 ක විශේෂ සහ­න­යක් ලබා දීම දැන­ට­මත් ආරම්භ කර ඇති අතර, එම­ඟින් සිසුන් 54,000කට අධික පිරි­ස­කට දැන­ට­මත් ප්‍රති­ලාභ ලැබී ඇත.

එමෙන්ම, විදේ­ශ­ග­තව සිටි­යදී ආප­දා­ව­ලට ලක් වූ පවු­ල්වල, වකු­ගඩු රෝගීන්ගේ පවු­ල්වල සහ අව­දා­නම් සහිත රැකි­යා­වල නිර­ත­ව­න්නන්ගේ පවු­ල්වල දරු­වන් වෙනු­වෙන් ලබා දෙන අධ්‍යා­ප­නික ආධාර වැඩි කිරී­මට ඇති අවස්ථා පිළි­බ­ඳව ද මෙහිදී සොයා බැලිණි. ජනා­ධි­පති අර­මු­දලේ මූල්‍ය තත්ත්වය ඉති­හා­සයේ ඉහ­ළම මට්ට­මට පැමිණ ඇති අතර, අර­මු­දල මඟින් ආධාර ලබ­න්නන්ගේ ප්‍රමා­ණ­යන් දිස්ත්‍රික් සහ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මට්ට­මින් වෙබ් අඩ­වියේ පළ කිරී­ම­ටත්, විනි­වි­ද­භා­වය තහ­වුරු කිරී­ම­ටත් උප­දෙස් දෙන ලදි.

ජනා­ධි­පති අර­මු­දල මඟින් සිදු කෙරෙන මහ­පොළ ශිෂ්‍යත්ව ගෙවීම් ද පසු­ගිය වස­රේදී දෙගු­ණ­ය­කින් පමණ වැඩි කර ඇති අතර, 2026 වර්ෂය සඳහා ද වැඩි දෙන­කුට ප්‍රති­ලාභ ලැබෙන පරිදි වැඩ­ස­ට­හන් ක්‍රියා­වට නැංවී­මට පාලක සභාවේ අනු­මැ­තිය හිමි විය.

මෙම පාලක මණ්ඩ­ලය ජනා­ධි­ප­ති­ව­රයා, අග්‍රා­මා­ත්‍ය­ව­රයා, කථා­නා­ය­ක­ව­රයා, විපක්ෂ නාය­ක­ව­රයා, ජනා­ධි­පති ලේක­ම්ව­රයා සහ ජනා­ධි­ප­ති­ව­රයා විසින් පත්ක­රනු ලබන සාමා­ජි­ක­යන් දෙදෙ­නකු ඇතු­ළුව සාමා­ජි­ක­යන් 07දෙන­කු­ගෙන් සම­න්වි­තය.

අග්‍රා­මාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය, කථා­නා­යක ජගත් වික්‍ර­ම­රත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස, ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, ජනා­ධි­පති අර­මු­දලේ ලේකම් සහ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් රෝෂන් ගමගේ, මහා­චාර්ය ජේ.ආර්.පී. ජය­කොඩි, හිටපු විග­ණ­කා­ධි­පති සරත් චන්ද්‍ර­සිරි මායා­දුන්නේ යන මහ­ත්වරු සහ ජනා­ධි­පති අර­මු­දලේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

උපාලි කරු­ණා­රත්න