පළාත් පාලන මැතිවරණය පැවැත්වූ ආකාරයටම පළාත් සභා ඡන්දය පවත්වා පෙන්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ආණ්ඩුව හිතනවානම් විපක්ෂය මර්දනය කර, සංස්කෘතිය විනාශ කර, මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ආණ්ඩුව වැරදියි. අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට සූදානම්. ආණ්ඩුවට කයිවාරු ගහලා දඟලන්න දෙයක් නෑනේ අපට බැණ බැණ ඉන්නේ නැතිව අර ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වුවා වගේ පළාත් සභා මැතිවරණයත් තිබ්බ නම් හරි. එතකොට පළාත් සභා මැතිවරණයේදී ජනතාවට ලැබෙයි තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න. එතකොට බලන්න පුළුවන් ආණ්ඩුව ඉන්න තැන.
දැන් ඔය ලිපිගොනු ගැන අහන්න ඕනෑ යහපාලන ආණ්ඩුව වෙලාවෙ සල්ලි අරන් බොරු කිව්වේ. ඒ බොරු කියන්න ලියලා දීපු අයගෙන් තමයි. මොකද දැන් පහුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිවරයෙක් අද ප්‍රසිද්ධියේ කියනවා, ජේවීපී එකට සමහර සිවිල් සංවිධානවලටයි සල්ලි දුන්නා රාජපක්ෂලාට මඩ ගහන්න කියලා. හැබැයි ඒ කාලේ අපි දැක්කනේ ඩුබායි මැරියට් හෝටලේ ඉස්සරහට ගිහින් සෙල්ෆි වීඩියෝ දාපු අය හිටියනේ. ඉතින් ඒ අයගෙන් තමයි අහන්න ඕනෑ.
මේ රටේ තරුණ පරම්පරාව රවට්ටලා තමයි පහුගිය ආණ්ඩුව බලයට ආවේ. ඒ තරුණයන් එක්ක සාකච්ඡා කර අපේ අදහස් හුවමාරු කර ගැනීම අප සතු වගකීමක් කියා අපි විශ්වාස කරනවා. අපේ රටේ තරුණයන්, වැඩිහිටියන් සහ මේ රටේ පක්ෂ – විපක්ෂ හැම කෙනෙක්ම තේරුම් අරගෙන තියෙනවා මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා තමන්ගේ පොරොන්දු ඉටු කරන්න. බොරු කියපුව දැන් එකින් එක අහුවෙනවා.”
නුවන් කොඩිකාර








