අලුත්ගම, කළුවාමෝදර ප්රදේශයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය ජර්මන් ජාතික සංචාරකයෙකු අද (10) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කළුවාමෝදර පිහිටි පෞද්ගලික හෝටලයක නතරව සිටි ජර්මන් ජාතිකයෙක්.
අද සවස් කාලයේ මොහු කළුවාමෝදර වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී හදිසියේම දියේ ගිලී ඇති අතර, ඒ බව දුටු වෙරළේ සිටි අනෙකුත් විදේශිකයන් සහ ප්රදේශවාසීන් වහා ක්රියාත්මක වී ඔහුව ගොඩට ගෙන තිබෙනවා.
පසුව ඔහුව බේරුවල රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.








