අම්බු­ළු­වාව කේබල් කාර් ව්‍යාපෘ­තිය ගැන සොයන්න විශේ­ෂඥ කමි­ටු­වක්

අම්බු­ළු­වාව සම්බ­න්ධ­යෙන් අවශ්‍ය සොයා­බැ­ලීම් සිදු කිරී­මට විශේ­ෂඥ කමි­ටු­වක් පත්කි­රී­මට පරි­සර අමා­ත්‍යාං­ශය සිදු කළ ඒකා­බද්ධ නිරී­ක්ෂණ චාරි­කා­වෙන් පසු තීන්දු කළ බව කැබි­නට් ප්‍රකා­ශක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (10) පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

එම කමි­ටු­වට අදාළ නම් මේ වන තෙක් ඉදි­රි­පත් කර නොමැති බවත් එම කමි­ටුව පත්කි­රී­මෙන් පසු ඔවුන් ලබා­දෙන වාර්තා අනුව කට­යුතු කරන බවත් හෙතෙම කීවේය.

ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සීය.

“පසු­ගිය පෙබ­ර­වාරි 04 වැනිදා පස්ව­රුවේ පරි­සර ඇමැ­ති­ව­රයා, මධ්‍යම පරි­සර අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා, නිල­ධා­රීන්, අදාළ ප්‍රදේ­ශයේ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්, පරි­ස­ර­වේ­දීන් ඇතුළු කණ්ඩා­ය­මක් මේ ක්ෂේත්‍රයේ චාරි­කා­වක නිරත වුණා. කේබල් කාර් ව්‍යාපෘ­ති­යට මධ්‍යම පරි­සර අධි­කා­රිය එදා අනු­මැ­තිය ලබා­දෙද්දි ජාතික පාරි­ස­රික පනතේ ප්‍රති­පා­දන උල්ලං­ඝ­නය කරලා මහ­ජන අද­හස් ලබා ගැනී­මට තිබුණ අව­ස්ථාව නැති කරලා තිබෙ­නවා. පුව­ත්පත් දැන්වීම් දාලා මහ­ජ­න­තා­වට ඒ සඳහා අව­ස්ථාව සලසා දී නැහැ. ගැසට් පත්‍රයේ පළ කරලා නැහැ. එහිදී එවැනි කරුණු කිහි­ප­ය­කුත් අනා­ව­ර­ණය වුණා.

මේ ප්‍රදේ­ශයේ අපිට ආවේ­ණික සත්ත්ව හා ශාක ගණ­නා­වක් තිබෙ­නවා. ඒ වගේම පාරි­ස­රික ඇග­යීමේ ක්‍රියා­ව­ලි­යට වන­ජීවී එක සම්බන්ධ කර­ගෙන තිබුණේ නැහැ. තක්සේරු වාර්තාව ලබා ගැනීම වෙනු­වට මූලික පාරි­ස­රික අධ්‍ය­යන වාර්තා­වක් පම­ණයි ලබා­ගෙන තිබෙන්නේ. මේ අනුව යම් තාක්ෂ­ණික කරුණු ගණ­නා­ව­කුත් අනා­ව­ර­ණය වුණා. එම කණ්ඩා­යම ඉදි­රි­පත් කරන ලද වාර්තාව පද­නම් කර­ගෙන අමා­ත්‍යාං­ශය විසින් විශේ­ෂඥ කමි­ටු­වක් පත් කිරී­මට තමයි යෝජනා කර තිබෙන්නේ. එම කමි­ටුවේ නම් තාමත් ඉදි­රි­පත් වෙලා නැහැ. ඉදිරි කට­යුතු වෙන්නේ, ඒ විශේ­ෂඥ කමි­ටුව පත්කර එම වාර්තා­වට අනුව කට­යුතු කිරී­මයි.”

නුවන් කොඩි­කාර