හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) දින ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීම සඳහා පසුගිය 13 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්රකාශයට පත් කිරීම අද දිනයට කල් තබා තිබුණා.
පසුගිය අරගලය සමයේ, 2022 මැයි මස 09 වැනි දින නිට්ටඹුව ප්රදේශයේදී පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ අය පහර දී ඝාතනය කළ බවට 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.








