හිටපු CID අධ්‍යක්ෂ තිල­ක­ර­ත්නට ලක්ෂ 10ක ශරීර ඇප

වසර 2019 දී නීති විරෝ­ධිව පොලී­සියේ සේවයේ නියුතු නිල­ධා­රීන් හත්සිය හතර දෙන­කුගේ විදේශ ගමන් තහ­නම් කර­මින් අයුතු අව­හි­ර­යක් කළ බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්අ­ඩං­ගු­වට ගත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලි­ස්පති වික්‍ර­මා­ර­ච්චිගෙ තිල­ක­රත්න මහතා රුපි­යල් ලක්ෂ 10ක ශරීර ඇප­යක් මත මුදා හරින ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමා­රගේ මහතා ඊයේ (09) නියෝග කළේය.

අග­ති­යට පත් පාර්ශ්ව­ය­න්ගෙන් ලද පැමි­ණි­ලි­ව­ලට අදා­ළව නාරා­හේ­න්පිට මධ්‍යම අප­රාධ කොට්ඨා­සය විසින් සිදු කරන ලද විම­ර්ශ­න­යන්ට අදා­ළව අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ සැක­කාර පොලිස් නිල­ධා­රියා සම්බ­න්ධ­යෙන් පෙනී සිටි නීති­ඥ­ව­රුන් සිදු කළ ඉල්ලීම සපකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කළේය. 2019 සිදු කරන ලද මෙම ක්‍රියාව හේතු­වෙන් ඇතැම් පොලිස් නිල­ධා­රීන් වින්දි­ත­යන් බවට පත්ව ඇති බව සැක­කාර පොලිස් නිල­ධා­රියා ඉදි­රි­පත් කර­මින් නාරා­හේ­න්පිට මධ්‍යම පොලිස් කොට්ඨා­සය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

2025 වසරේ ලද පැමි­ණි­ල්ලක් ප්‍රකා­රව විම­ර්ශන සිදු කළ බවත් සිද්ධිය සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ 11ක් සට­හන් කර ඇති බවත් පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

මෙහි 2, 6 සහ 7 සාක්ෂි­ක­රු­වන් වින්දි­ත­යන් බවට පත්ව ඇති බව අනා­ව­ර­ණය වූවා යැයිද පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. එහිදි මහේ­ස්ත්‍රා­ත්ව­රයා විමසා සිටියේ මෙම නියෝ­ගය අධි­ක­ර­ණය මඟින් ගෙන තිබේද යන්නය.

එහිදී නැති බව පොලී­සිය දැනුම් දුන් අව­ස්ථා­වේදී පොලිස් නිල­ධා­රීන් නියෝග ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව ක්‍රියා­ත්මක කර­න්නේද යන්න විමසා සිටි­යේය.

මෙම නිල­ධා­රීන්ගේ නම් ආග­මන විග­මන පද්ධ­ති­යට ඇතුළු කරලා යැයි පොලී­සිය අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යේය.

සැක­කාර පොලිස් නිල­ධා­රියා වෙනු­වෙන් කරුණු දක්ව­මින් නීතිඥ ගීත් කරු­ණා­රත්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩා­යම අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් පොලි­ස්ප­ති­ව­ර­යාට යවන ලද ලේඛන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරනු ලැබීය.

2019 වස­රේදි පොලි­ස්ප­ති­ව­ර­යාගේ වාචික කරුණු දැක්වී­මට අනුව පොලි­ස්ප­ති­ව­ර­යාගේ අව­ස­ර­ය­කින් තොරව විදේ­ශ­ගත වීමට අව­සර ලබා නොදෙන ලෙසට ලිපි­යක් ඉදි­රි­පත් කිරීම පම­ණක් කළ බවත් එය ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තු­වට යවා නැති බවත් අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

එම ලිපිය යවා ඇත්තේ නිශාන්ත සිල්වා නිල­ධා­රියා අව­ස­ර­ය­කින් තොරව විදේශ ගත වීම හේතු­වෙන් තවත් නිල­ධා­රීන් විදේ­ශ­ගත වන බවට ලද තොර­තුරු මත බව කී නීති­ඥ­ව­රයා කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ගුව­න්තො­ටු­පළ පරි­ශ්‍ර‍ෙය් සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යාට එම ලිපිය යොමු කර ඇති බවත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා හමුවේ කියා සිටි­යේය.

එමෙන්ම තම සේවා­දා­ය­කයා විශ්‍රා­මික වය­ස්ගත පුද්ග­ල­යෙක් බවත් ස්නායු ආබා­ධ­යක් සඳහා ප්‍රති­කාර ලබ­මින් සිටින බවත් පව­ස­මින් නීති­ඥ­ව­රයා සුදුසු ඇප­යක් මත මුදා­හ­රින ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. සැක­කාර නිල­ධා­රියා වෙනු­වෙන් ඉදි­රි­පත් කළ ලේඛන සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ලේඛන පිළි­ග­න්නේද යන්න පොලී­සි­යෙන් විමසා සිටි අතර එම ලේඛන පිළි­ගන්නේ නම් අප­රා­ධ­මය වර­දක් අනා­ව­ර­ණය නොවන බව පව­ස­මින් ඇප මත මුදා හැරි­යේය.

එසේම සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන කර අප­රා­ධ­මය වර­දක් සනාථ වන්නේ නම් පම­ණක් නඩු පව­රන ලෙසත් එසේ නැත­හොත් මුදා හරින ලෙසත් පොලී­සි­යට නියෝග කළේය.

සුභා­ෂිණී සේනා­නා­යක