රියැදුරු-කොන්දොස්තර කුඩු ගහ­ලා­නම් බස් බල­පත්‍ර අව­ලං­ගුයි

යම් රියැ­දු­රකු මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථය ධාව­නය කරන බවට හෝ කොන්දො­ස්ත­ර­ව­ර­යකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට මේ දින­වල සිදු කරන හදිසි මත්ද්‍රව්‍ය පරී­ක්ෂා­ව­ලදී හෙළි වුව­හොත් බස් රථයේ හිමි­ක­රුගේ මාර්ග බල­ප­ත්‍රය අහෝසි කරන බව ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති බිමල් රත්නා­යක මහතා පැවැ­සීය. මේ නිසා කිසිදු හේතු­වක් මත මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූ රියැ­දු­රන් සේව­යට යොදා නොග­න්නැයි බස් රථ හිමි­ක­රු­වන්ට දැනුම් දුන් ඒ මහතා එසේ අහෝසි වන මාර්ග බල­පත්‍ර කිසිදු හේතු­වක් මත යළි ලබා­දීම ගැන විමසා බැලි­ම­ක්වත් සිදු නොක­රන බව ද කීවේය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ පැවැති රැස්වී­ම­කට එක් වෙමින් ඊයේ (09) ඒ මහතා මේ බව පැව­සු­වේය. තමන්ගේ බස් රථයේ රියැ­දුරා හෝ කොන්දො­ස්ත­ර­ව­රයා මත්ද්‍රව්‍ය භාවිත කර­න­වාද නැද්ද යන්න බස් හිමි­යන් දන්නවා. කිසිම විටෙක එවැනි රියැ­දු­රන් යොදා ගන්න එපා. බස් හිමි­යන්ට මේ රියැ­දු­රන් හා කොන්දො­ස්ත­ර­ව­රුන් ගැන වග­කී­මක් තිබෙ­නවා. එවැනි රියැ­දු­රන් යොදා ගත­හොත් මාර්ග බල­ප­ත්‍රය අහෝසි විය හැකියි.

අපි කිසි­සේත්ම විශ්වාස කරන්නේ නෑ බස් රථයේ හිමි­ක­රුවා නොදැන මත්ද්‍රව්‍ය භාවිත කරන බස්රථ රියැ­දුරු හෝ කොන්දො­ස්ත­ර­ව­ර­යකු ඉන්න පුළු­වන් කියලා.

ඒ නිසා ඔබේ බල­ප­ත්‍රය අහිමි කර­ග­න්නවා වෙනු­වට වග­කී­මෙන් මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි නොවුණු අය තමන්ගේ ව්‍යාපා­ර­යට යොදවා ගන්න යැයිද හෙතෙම කීවේය.

සුභා­ෂිණී සේනා­නා­යක