ගෝඨා­භය 13දා අල්ලස් කොමි­ස­මට

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් පව­ත්වනු ලබන විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකාශ ලබා­දීම සඳහා හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට එම කොමි­සම හමුවේ ලබන 13 වැනිදා පෙනී සිටින ලෙස දන්වා යවා තිබේ. මෙම සිද්ධි­යට අදා­ළව හිටපු අග­වි­නි­සුරු මෙන්ම හිටපු නීති­ප­ති­ව­ර­යකු ද වන මොහාන් පීරිස් මහ­තාට ද එළැ­ඹෙන 16 වැනිදා කොමි­සම හමුවේ පෙනී සිට ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙසට කොමි­සම දැනුම් දී තිබේ. මේ බවට දැනුම් දෙමින් පසු­ගිය 06 වැනිදා කොමි­සම විසින් ලිපි­යක් නිකුත් කර තිබේ. කොළ­ඹට ආසන්න ප්‍රදේ­ශ­යක පිහිටි නිවාස සංකී­ර්ණ­ය­කට අයත් නිවාස කිහි­ප­යක් නීති­වි­රෝධි ලෙස පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නකු වෙත ලබා­දී­මට අනු­මත කර­මින් ලිපි නිකුත් කිරී­ම­කට අදා­ළව ලැබුණු පැමි­ණි­ල්ල­කට අනුව සිදු කරන විම­ර්ශ­න­ය­කට ප්‍රකාශ ගැනීම සඳහා මෙසේ කොමි­සම මඟින් කැඳ­වී­මක් කර තිබේ.

හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ආර­ක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ මෙම සිදු­වීම සිදුව ඇති බව පැමි­ණිල්ලේ දක්වා ඇත.

සුභා­ෂිණී සේනා­නා­යක