පසු­ගිය වසරේ ඩොලර් බිලි­යන 08ක විදෙස් ප්‍රේෂණ ඇවිත්

ඉති­හා­සයේ ප්‍රථම වරට ඩොලර් බිලි­යන 08 ඉක්මවූ විදේ­ශීය ප්‍රේෂණ පසු­ගිය වස­රේදී මෙර­ටට ලැබුණු බව කම්කරු අමාත්‍ය, මුදල් හා ක්‍රම­ස­ම්පා­දන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පව­සයි.

ඇස්ත­මේන්තු කළ ආණ්ඩුවේ බදු ආදා­ය­මද 110%ක් දක්වා වර්ධ­නය කර ගැනී­මට හැකිවූ බවත් මෙම­ඟින් ආණ්ඩුවේ ආර්ථික ස්ථාව­ර­ත්වය පෙන්නුම් කරන බවත් ඒ මහතා කීය.

මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී පසු­ගිය 08 වැනිදා පැවැති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් ඇමැ­ති­ව­රයා මේ බව පැව­සු­වේය.

ඇස්ත­මේන්තු කරන ලද බදු ආදා­ය­මට ඉති­හා­සයේ කිසිදු අව­ස්ථා­වක ආණ්ඩු­වක් ළඟාවී නොමැති නමුත් වත්මන් ආණ්ඩු­වට එම සීමා­වද ඉක්මවා යාමට පසු­ගිය වස­රේදී හැකිවූ බවත් මේ තුළින් රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­ර­ණයේ ප්‍රග­ති­යක් පෙන්නුම් කරන බවත් අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

විදේ­ශීය සංචිත වර්ධ­නය කර ගැනීම, විදේශ වෙළෙ­ඳාම ප්‍රව­ර්ධ­නය කිරීම, සංචා­රක කර්මා­න්තයේ දියු­ණු­වක් ඇති­කර ගැනීම සම්බ­න්ධ­යෙන් ද සැල­කිය යුතු ජය­ග්‍ර­හණ පසු­ගිය වස­රේදී අත්පත් කර ගැනී­මට හැකිවූ බව ද ඒ මහතා කීවේය.

දිට්වා සුළි කුණා­ටුවේ බල­පෑ­මෙන් යළි ගොඩ­ඒම සඳහා රජය ගනු ලැබූ තීරණ හා ඒ සම්බ­න්ධ­යෙන් ප්‍රති­ක්‍රියා කළ ආකා­රය ජාත්‍ය­න්තර ඇග­යු­මට ලක්ව ඇතැ­යිද හෙතෙම පැව­සු­වේය.

අසේල කුරු­ළු­වංශ, මහ­නු­වර සමූහ – ප්‍රදීප් රාජ­පක්ෂ