කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී පොලිස් අණ නොතකා පලා යමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයකු මිය ගොස් තිබෙනවා.
අද (10) අලුයම සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සංඥා කළ ද, එම රථය අණ නොතකා මණ්ඩතිව් දෙසට ධාවනය කර ඇති බවත්, කයිට්ස් හි පොලිස් ස්ථානාධිපතිගේ ජීප් රථය මගින් එම රථය නැවැත්වීමට උත්සාහ කර, පසුව අහසට වෙඩි තැබීමක් ද සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ.
වෑන් රථය දිගින් දිගට ම පලා යාම නිසා එය නවතා ගැනීමට පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන්, රථයේ රියැදුරු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර, මිය ගොස් ඇත්තේ වඩුකෝට්ටේ ප්රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයකු බවයි සඳහන් වන්නේ.
වෑන් රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.









