රට­ පුරා බස් නවත්වා වර්ජ­නය කර­නවා

බස් රථ කර්ම­න්තය සඳහා නීති ගෙන ආ යුතු වුවත් කැකිල්ලේ තීන්දු ගෙන ඒමට කට­යුතු නොක­රන ලෙස ප්‍රවා­හන ඇමැ­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටින බවත් එසේ කළහොත් රට පුරා බස් ධාවනය නවත්වා වර්ජනය කරන බව ලංකා පෞද්ග­ලික බස් හිමි­යන්ගේ සංග­මයේ සභා­පති ගැමුණු විජේ­රත්න මහතා පැව­සු­වේය.

මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාව­නය කරන රියැ­දු­රන් හා කොන්දො­ස්ත­ර­ව­රුන් හසු වුව­හොත් බස් රථ හිමි­ක­රුගේ මාර්ග බල­ප­ත්‍රය අහෝසි කරන බවට ඇමැ­ති­ව­රයා කළ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් ඊයේ (09) පැවැති මාධ්‍ය හමු­ව­කදී අද­හස් දක්ව­මින් ගැමුණු විජේ­රත්න මහතා මේ බව කීවේය.

ඇමැ­ති­ව­ර­යාගේ එම ප්‍රකා­ශය මූලික මිනිස් අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කිරී­මක් යැයිද හෙතෙම කීවේය.

“ප්‍රායෝ­ගි­කව හිතලා තීරණ නොග­ත්තොත් සමස්ත රටේම බස් ධාව­නය දව­ස­කට දෙක­කට නව­ත්තලා ස්ට්‍රයික් කළොත් බලමු ආණ්ඩුව මොකද කරන්නේ කියලා. නිදන් ඉන්න කොටි අවුස්ස ගන්න එපා කියලා අපි ආණ්ඩු­වට කියන්න කැමැ­තියි. අහ­සින් බැහැලා වගේ ඇවිත් මේ වගේ දේවල් කිය­නවා. බස් රථ හිමි­කරු කොහො­මද දන්නේ රියැ­දුරු බීලද නැද්ද කියලා. එහෙම බල­නවා නම් සීටීබී එකෙත් චෙක් කරන්න ඕනේ. තව චෙක් කරන්න කොච්චර දේවල් තිබෙ­න­වාද. ඇහේ පොල් පරාල තියා­ගෙන කෙන්ද බලන්න එපා. පනත් ගේන්න ඕනේ. තීන්දු ගන්න ඕනේ. නීති ගෙන්න ඕනේ. නමුත් කැකිල්ලේ තීන්දු ගන්න එපා කියලා ඇමැ­ති­ව­ර­යාට කියන්න කැමැ­තියි” යැයිද හෙතෙම මෙහිදී පැව­සු­වේය.

සුභා­ෂිණී සේනා­නා­යක