වාහන අංක තහඩු මුද්‍රණය ඉදිරි මාස තුනේදී ඇරඹේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් ඉදිරි මාස තුන ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ටෙන්ඩර් පටිපාටියක් හරහා මෙම කාර්යය පෞද්ගලික සමාගමකට පවරා ඇති අතර, එම සමාගම මේ වන විට මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සූදානම් කිරීම් සිදු කරමින් සිටින බවයි සඳහන් වන්නේ.

මුද්‍රණ කටයුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයේදී සිදු කිරීමට නියමිත අතර, මුල් අදියරේදී වාහන 400,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව අංක තහඩු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.