‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (08) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 881 ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 878 ක් අත්අඩංගුවට ගත් බවත්, පුද්ගලයින් 02 ක් පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 269 කින් හෙරොයින් ග්‍රෑම් 415 ක් සොයාගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 339 ක් අතරින් අයිස් ග්‍රෑම් 565 ක් සොයාගෙන ඇති බවද සඳහන්.
මීට අමතරව, වැටලීම් 216 කින් ගංජා කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 966 ක් හා ගංජා පැළ 528 ක්ද සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ සම්පූර්ණ වාර්තාව පහතින්.









