‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් දරුවන්ට රුපියල් 10,000 දීමනාව දීමට ජනාධිපති අරමුදලින් රුපියල් බිලියන 1.9ක් (රුපියල් 1,925,010,000.00) වෙන් කර තිබේ.
එම මුදල් මේ වන විට සියලු දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කිරීමට කටයුතු කර ඇත. එසේ ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙනයෑමට රජයෙන් එක් සිසුවකුට රුපියල් 25,000ක් ලබාදීමට පියවර ගෙන තිබේ. එයින් රුපියල් 15,000ක් මහා භාණ්ඩාගාරයෙන් ද, රුපියල් 10,000ක් ජනාධිපති අරමුදලින් ද ලබාදීම සිදු කෙරේ.
ඒ අනුව අම්පාර, හම්බන්තොට, පොලොන්නරුව, මොනරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන්, ජනාධිපති අරමුදලින් ලබාදෙන රුපියල් 10,000ක දීමනාව මේ වන විට සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන අතර, අනෙකුත් දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ද අදාළ මූල්‍ය ප්‍රදානයන් කඩිනමින් ලබාදීමට නියමිතය.
උපාලි කරුණාරත්න








