මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500 ක ආධාරයක්

සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාර රජයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500 ක් සහනාධාර ලෙස ලබාදී තිබෙනවා.

මෙම සහල් තොගය අද (09) ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik විසින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ වෙත භාර දී තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට 20% ක් වගා බිම් හානියට පත් වූ අතර, ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලබාදුන් මූල්‍යමය ආධාරවලට අමතරව මියන්මාර රජය විසින් මෙම මෙට්‍රික් ටොන් 500 ක සහල් තොගය පරිත්‍යාග කළ බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.