බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්ගේ ප්‍රධාන ලේකම් (Chief of Staff) මෝගන් මැක්ස්වීනි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
අමෙරිකානු ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති පීටර් මැන්ඩෙල්සන් වොෂින්ටන්හි තානාපතිවරයා ලෙස පත් කිරීමට ගත් තීරණය මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
තම ඉල්ලා අස්වීම නිවේදනය කරමින් 48 හැවිරිදි මෝගන් මැක්ස්වීනි සඳහන් කළේ පීටර් මැන්ඩෙල්සන් පත් කිරීමේ තීරණය වැරදි සහගත බවයි.
මැන්ඩෙල්සන්ගේ පත්වීම හරහා පක්ෂයට, රටට සහ දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසයට හානි සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.








