පෙබරවාරි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් සිදු වන්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව, පෙබරවාරි මාසය සඳහා ද ලිට්‍රෝ ගෑස් මිල වෙළෙඳපොළ තුළ මේ වන විට පවතින මිල අනුවම අලෙවිය සිදු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.