‘දිට්වා’ නිසා පීඩා­වට පත් පාසල් දරු­වන්ට ජන­පති අර­මු­ද­ලින් බිලි­යන 1.9ක්

‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් ආප­දා­වට පත් පාසල් දරු­වන්ට රුපි­යල් 10,000 දීම­නාව දීමට ජනා­ධි­පති අර­මු­ද­ලින් රුපි­යල් බිලි­යන 1.9ක් (රුපි­යල් 1,925,010,000.00) වෙන් කර තිබේ.

එම මුදල් මේ වන විට සියලු දිස්ත්‍රි­ක්ක­වල දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් මඟින් ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් වෙත යොමු කිරී­මට කට­යුතු කර ඇත. එසේ ආප­දා­වට ලක් වූ දිස්ත්‍රි­ක්ක­වල පාසල් දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු පව­ත්වා­ගෙ­න­යෑ­මට රජ­යෙන් එක් සිසු­ව­කුට රුපි­යල් 25,000ක් ලබා­දී­මට පිය­වර ගෙන තිබේ. එයින් රුපි­යල් 15,000ක් මහා භාණ්ඩා­ගා­ර­යෙන් ද, රුපි­යල් 10,000ක් ජනා­ධි­පති අර­මු­ද­ලින් ද ලබා­දීම සිදු කෙරේ.

ඒ අනුව අම්පාර, හම්බ­න්තොට, පොලො­න්න­රුව, මොන­රා­ගල, මන්නා­රම සහ වවු­නි­යාව දිස්ත්‍රි­ක්ක­වල පාසල් දරු­වන් වෙනු­වෙන්, ජනා­ධි­පති අර­මු­ද­ලින් ලබා­දෙන රුපි­යල් 10,000ක දීම­නාව මේ වන විට සම්පූ­ර්ණ­යෙන් ගෙවා අව­සන් කර තිබෙන අතර, අනෙ­කුත් දිස්ත්‍රි­ක්ක­වල පාසල් දරු­වන් වෙනු­වෙන් ද අදාළ මූල්‍ය ප්‍රදා­න­යන් කඩි­න­මින් ලබා­දී­මට නිය­මි­තය.

උපාලි කරු­ණා­රත්න