උඩවලව රක්ෂිත ප්‍රදේශයේදී වියළි ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් උඩවලව රක්ෂිත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වියළි ගංජා කිලෝග්‍රෑම් 582ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී වියළි ගංජා සැකසුම් කරන ස්ථානයක්ද හෙළි කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.

භාරයට ගත් ගංජා තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.