මහනුවර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයට අනුව, අද (08) පෙරවරු 6.00 සිට පසුදින (09) පෙරවරු 4.00 දක්වා මෙම ජල කප්පාදුව ක්රියාත්මක වනු ඇත.
ඒ අනුව, අස්ගිරිය (නගර සභා බලප්රදේශය), වේගිරිය, පල්ලෙමුල්ල නව හා පැරණි යටිහලගල, කොණ්ඩදෙණිය, රජපිහිල්ල සේවා ජලාශය සහ මැදවල (පැරණි) සේවා ජලාශය යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
එමෙන්ම කහවත්ත, කුරුගොඩ, බුලුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, තෙලඹුගහවත්ත, නුගවෙල, බලනගල, මැදවල (නව) සේවා ජලාශය, ගලගෙදර සහ මාවතගම යන ප්රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව සඳහන් වේ.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, එම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.








