නවසීලන්තයට කඩුලු 5ක ජයක්

2026, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර අද (08) පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 183ක් ලබා ගනිමින් එම ඉලක්කය සපුරා ගත්තේය.