තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අවම තැපැල් ගාස්තුව රුපියල් 70 ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව සාමාන්‍ය/ ව්‍යාපාරික ලිපි සේවාව, තැපැල්පතක් සඳහා ගාස්තු, මුද්‍රිත ද්‍රව්‍ය විවෘත පැකට්ටු/ ලිපි සේවාව, මුද්දර කවර, ටෙලිමේල් සේවාව ඇතුළු සේවා 12 ක ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
අදාළ ගාස්තු ඇතුළත් නිවේදනය පහතින්.









