යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය ලබන ජුනි මාසය වන විට අවසන් කිරීමට ඇමරිකාව අපේක්ෂා කරන්නේ යැයි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශ්වයටම ලබන සතියේදී ඇමරිකාවට පැමිණෙන ලෙස තමන් ආරාධනා කර ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
කෙසේවෙතත්, මේ පිළිබඳව වොෂින්ටනයෙන් හෝ මොස්කව්වලින් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.








