කොළඹ, ආනන්ද කුමාරස්වාමි මාවත ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ, කුරුඳුවත්ත, ආනන්ද කුමාරස්වාමි මාවත ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අනිද්දා අලුයම 4.00 දක්වා මෙම විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බවයි.

2026 කලා පොල ප්‍රදර්ශනය එම ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වීම හේතුවෙනුයි මෙලෙස වාහන ගමනාගමනය සීමා කර ඇත්තේ.

ඒ අනුව ආනන්ද කුමාරස්වාමි මාවතේ පුස්තකාල වටරවුම සිට හෝර්ටන් වටරවුම දක්වා එක් මංතීරුවකින් පමණක් වාහන කොළඹට ඇතුල් වීමට සහ කොළඹින් පිටවීමට හැකිවන පරිදි ගමනාගමන කටයුතු සීමා කර තිබෙනවා.