ගැමුණු පරපුර: රට, ජාතිය, ආගම ආරක්ෂා කරමින් යහපාලනයක් උදෙසා බිහි වූ ජාතික ව්‍යාපාරයක්

ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය වන අප මෙරට තුලට එක්වන්නේ තවත් එක් ජාතික ව්‍යාපාරයක ආරම්භයක් ලෙස නොවේ.

ජාතින්ගේ සබ්‍යයත්වය ආගමික සහජීවනය සැමට සමාන නීතියක් යටතේ ප්‍රජාත්‍රන්වාදී පාලනයක් අප සංවිධානයේ ප්‍රමුඛ අභිමතාර්ථයන් වේ.

බෞද්ධ ශිෂ්ඨාචාරය මූලික පදනම වන අප තුල බෞද්ධයා මූලික කරගත් පාලනයක් තුල මත්ද්‍රව්‍ය වලින් තොර තරුණ පරපුරක් බිහිකිරීමත් රටක සබ්‍යයත්වයට සුදුසු දේශපාලන ප්‍රතිසංස්කරණ වලට සහය ලබාදීමත් මව්බිමේ අයහපත වෙනුවෙන් ගනුලබන තීන්දු ඉදිරියේ පිට කොදු සිදගත් නිවටයන් ලෙස නොසිට අනාගත ලාංකික දරු පරපුරක් උදෙසා යහපත් ශ්‍රීලාංකාවක් බිහිකිරීම අපගේ කාර්යභාර්ය වන්නේය.

මෙහිදී අප කිසිවිටක් කිසිදු දේශපාලන ව්‍යාපාරයක අතකොලුවක් නොවන බවත් රට ජාතිය ආගම පදනම් කරගෙන ජනතා සුබසිද්ධිය උදෙසාම බිහිවූවක් බව ඉදුරාම ප්‍රකාශ කල යුතුය.

වර්තමානයේ මෙරට තුල සිදුවන බෞද්ධ විරෝධී සිදුවීම් සහ මහාසංගයාට සිදුවන අපහාස සහ සිරදඩුවම් අප කිසිලෙසකත් අනුමත නොකරන අතර රටේ සහ රටවෙනුවෙන් හඩනගන මිනිසුන්ගේ අයහපත වෙනුවෙන් කෙටුම්පත් කර ඇති අණපනත් වලටද අනාගත දරුපරපුරට නොගැලපෙන ලෙස ප්‍රතිසංස්කරණය කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහිද අප සංවිධානය දැඩි කනස්සල්ල පල කර සිටින අතර සියල්ල සිදුවන ආකරය දෙස දැඩි විමසිල්ලෙන් පසුවන බව පැවසිය යුතුය.

වර්තමානය වන විට ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට නියමිත ත්‍රස්ත වීරෝදී පනත් කෙටුම්පත අප තරයේ විරෝදතාවයට පත් කරනවා. මන්ද එහි සදහන් යෝජනා රට ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරනවා වෙනුවට ආණ්ඩුව තමන්ට එරෙහිව ඇතිවන මහජන විරෝදයෙන් ආරක්ෂා වීම සදහා යොදාගැනීමේ අරමුණෙන් සකස් කරගත් යෝජනාවීමයි.

යෝජිත කෙටුම්පතේ 3වන වගන්තියට අනුව යම්කිසි ක්‍රියාවක් සිදුකිරීමට හෝ සිදුකිරීමට වැලැක්වීමට ආණ්ඩුව ට හෝ ජාත්‍යන්තර සංවිධානයකට බලපෑම් කිරීම වරදක් යන්නත් 63 වගන්තියේ සදහන් පරිදි ජනාධිපති වරයාට පැවරී ඇති සංවිධාන තහනම් කිරීමේ අනිසි බලතලයත් 10 වගන්තියට අනුව ත්‍රස්ත්‍රවාදී ප්‍රකාශනයන් ලෙස හුවා දක්වමින් ජනතාව අතර මුද්‍රිත දැනුවත්කිරීම් සීමා කිරීම තුලින් වැනි උදාහරණය තුලින් බලාපොරොත්තු වන්නේ දේශහිතයිශී සමාජ ව්‍යාපාර සහ සමාජ සේවකයින් නිහඬ කිරීම සහ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කැප වන මාධ්‍ය ආයතන බිය වද්දා තහනම් කිරීම නම් ගැමුණු පරපුර සමාජ ව්‍යාපාරයක් ලෙස එය තරයේ හෙලා දකිනවා.

ඉහත කී කාරණා අනුව රට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවට ත්‍රස්ත්‍රවාදී පාලනයකට යටත් කර ගැනීමට පාලකයා සූදානම් අප ජාතික ව්‍යාපාරයක් ලෙස නොපසුබටවම එයට විරුද්දව සටන් වදින බව පැවසිය යුතුය.

ආණ්ඩු ක්‍රම වියවස්ථාවේ සදහන් කර ඇති පරිදි බුද්ධාගමට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු පසුබිමක රජයේ ඇතම්පාර්ශවයන් මහාසංගයාට අපහාස කරමින් සහ ජාතීවාදී ලේබල් ගසා සිරදඩුවම් නියමකරමින් පසුගිය කාලවකවාණුවේදී හැසිරීම අප ජාතික ව්‍යපාරයක් ලෙස පිලිකුලෙන් යුතුව හෙලා දකිනවා.

තවද අප කිසිවිටකත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනවශ්‍ය බව සමාජය ඉදිරියේ පවසන්නේ නැත. එහෙත් එය සිදුකරන ආකාරය ගැන පවතින්නේ දැඩි ප්‍රශ්නාර්තයකි. කිසිදු විද්වත් සභාවක සාකච්චා නොකර කිහිප දෙනෙකුගේ ඔනෑකමට පමණක් දියුණු රටවල් පවා ප්‍රතික්ෂේප කල මෙම ක්‍රමයන් ගෙන එන්නේ අධ්‍යාපනට අයවැයෙන්ද මුදල් අඩු කර ඇති පසුබිමක දරුවන්ගේ මනසට විෂමලිංගික ආරෝපණයක් මවා පාපින් සංස්කෘතියක වටිනාකමක් ඇති සමාජය එයින් ඈත් කර යම්කිසි පිරිසකගේ විකෘති සමාජ ආශාවන් ඉටුකරගැනීමට නම් අප කිසිසේත් එයට ඉඩලබා දෙන්නේ නැත.

එක වසර ඉංග්‍රීසි පෙල පොතේ සිංහල ජාතික පවුලේ පින්තූරය මුස්ලිම් ජාතියට පෙන්වා සීයා ට ග්‍රෑන්ඩ්මදර් ආච්චීට ග්‍රෑන්ඩ්ෆාදර් යනුවෙන් සදහන් කිරීම සහ හය වසරේ සිංහල පෙල පොතට ලිංගික වෙබ් අඩවි එකතු කිරීම නම් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අපට කිව හැක්කේ දරුවන්ට නොව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ රට පාලනය කරන ඇතම් පාලකයන්ට වගයි.

ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය අප සැමවිටම ජාතිවාදය හෙලාදකිමින් කටයුතු සිදුකරයි. වත්මන් රජය පසුගිය දිනවල සිදුකල යම් ප්‍රකාශ පිලිකුල් සහගතව හෙලා දකින අප සතුරු බලවේග බිද උතුර දකුණ යා කරමින් ලබාගත් ජයග්‍රහණය වයිරීය සහගත ලෙසදකින්නේ නම් වත්මන් රටේ පාලකයට කොට කලිසමක් ඇද මුරකායන් නොමැතිව යාපනය නගරයේ ඇවිද යාමට හැකිවූයේ කෙසේදැයි අප අසා සිටිනවා.

අන්ඩර්වෙයාර් එක කලිසමේ බෙල්ට් එක අතේ බදින ඔරලෝසුව සිට ණයට අරන් අදින පලදන ආණ්ඩුවට යුධ ජයග්‍රහණයට මිලදී ගත් ආයුධ පෙන්වීමට ලැජ්ජා සහගත නම් මේ ඉටු කරන්නේ ඩයස්පෝරාවේ වුවමනාවද. අප ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. තවද තිස් වසරක යුද්ධය නිමකර රණවිරුවාට යුධ සෙබලා ලෙස ආමන්ත්‍රණය කිරීමට තරම් දෙමල ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ආප තරයේ හෙලා දකිනවා.

ඉහත සියලු කරුණු සලකාබලමින් රට ජාතිය ආගමට ගරු කරන නීතිගරුක යහපත් මානවවාදියෙකු සහ සමාජ සේවකයෙකු වීමට කැමති ඔබ සැමට ගැමුණු පරපුර අපගේ දොරපියන් පත් විවර කර ඇති බැවින් අප හා එක් වී යහපත් සුරක්ෂිත රටක් මිනිසෙක් බිහි කිරමේ භාරදූරකර්තව්‍යයට උර දෙන මෙන් ඉල්ලා සිටිමු.

පුබුදු ගමගේ

ජාතික සංවිධායක -ගැමුණු පරපුර සමාජ ව්‍යාපාරය

අද දින බත්තරමුල්ල පැලවත්ත Mind Space Academy හිදී පැවති ගැමුණු පරපුර ජාතික කමිටුව සහ සමාජමාධ්‍ය ක්‍රියාකාරී හමුව