ණයට ගත්තු යුධ උපකරණ ජාතික නිදහස් උත්සවයේදී පෙන්නන්න බැරි බව කියන ආණ්ඩුවක නියෝජිතයින් අනුන්ගෙන් ඇඳුම් ඉල්ලාගෙන ඇඳගත්තේ ඇයිද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ.ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ.
අපේ රටේ නිදහස් දිනයේ රටේ රාජ්‍ය නායකයාට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නෑ.
ආණ්ඩුවට රාජ්‍ය නායකයට ඒක පිළිගන්න හයියක් නෑ . යනුවෙන් පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවා.
මහා සංඝරත්නය හිර ගෙවල්වල දාලා අර ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන්. අනිත් පැත්තෙන් යාපනයේ වෙනම හර්තාල් කරනවා නිදහස් දවසට.
ඒවා දැක්කේ නෑ වගේ ඉන්නවා. ඒවට පොලිස් ආරක්ෂාවත් දෙනවා.ඔය පිළිබඳව ඒ අයගේ අයිතියක් තියෙන්න පුළුවන් ඒ අයගේ අදහසක් ප්‍රකාශ කරන්න. හැබැයි ඉතින් ඒ අයිතිය ඇයි අනිත් අයට නැත්තේ.ඔබට දේශපාලනික වශයෙනුත් මූල්‍යමය වශයෙනුත් වාසියක් තියෙනවා නම්ද ඒ අයිතිය තියෙන්නේ.
ඔබට මූල්‍යමය වාසියක් තියෙනවනම් විතරයිද අයිතිය තියෙන්නෙ.අද ජාතිවාදය අවුස්සන්නේ නෑ කිය කිය ගරු ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවේ ඔබතුමන්ලා එකසිය පනස් නම දෙනත් ජාතිවාදය අවුස්සනවා.
ඔබතුමන්ලා හිතනවානම් ඔබතුමන්ලාගේ ආණ්ඩුව විසින් දකුණේ බහුතරය විවේචනය කරන ගමන් ඩයස්පෝරාවයි උතුරේ ජනතාවගේ හදවත දිනාගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ.








