ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3065ක් – ජාතික පාසලකුත් ඒ අතර

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2025 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයින පුරා පාසල් 10,047 පවතින බව සඳහන් වේ.

එම පාසල් වලින් 3,065කම ගුරුවරුන් 10ට අඩු සංඛ්‍යාවක් සිටින බව ජනලේඛන හා සංඛ්‍ය ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

එම පාසල් අතර එක් ජාතික පාසලක් ද වන බව සඳහන් වේ.

දිවයින පුරා රජයේ පාසල් 1,645ක ළමුන් 50ට අඩු බව ද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ළමුන් 50ට අඩු රජයේ පාසල් අතර එක් ජාතික පාසලක් සහ පළාත් පාසල් 1,644ක් වන බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ළමුන් 51ත් 100ත් අතර රජයේ පාසල් 1,648ක් වන අතර එම සියලුම පාසල් පළාත් පාසල් බව සඳහන් වේ.

මේ අතර  2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා රජයේ පාසල්වලට ඇතුළත් වු ළමුන් සංඛ්‍යාව පහළ ගොස් තිබේ.

2025 වර්ෂයේදී පළමු ශ්‍රේණිය සඳහා ළමුන් දෙලක්ෂ 66,281 දෙනෙකු ඇතුළත් වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.