විදුලිය ගාස්තු අඩු කිරීම ගැන ඇමතිගෙන් පොරොන්දුවක් 

පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය බිල සියයට 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අද (06) අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේ, දැනටමත් විදුලි ඒකකයක් සඳහා යන වියදමේ සාමාන්‍යය රුපියල් 37 සිට රුපියල් 29 දක්වා අඩු කර ඇති බවය. 

“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. අපේ සැළසුම ඒ අගය රුපියල් 25දක්වා ගේන්නයි. ඒක කරලා වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකරන්න අපි පොරොන්දු වුන විදියට කටයුතු කරනවා.”