කැරම් බෝඩ් නඩුවේ මූලික විරෝධතා ගැන නියෝගය මාර්තු 25 වැනිදා

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට විරුද්ධව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මාර්තු මස 25 වැනිදා දක්වා කල් තබන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා.

මෙම නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් විනිසුරු බුද්ධික සී රාගල ප්‍රකාශ කළේ අදාළ නියෝගය සූදානම් නොමැති බවත් එය මාර්තු මස 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත් සඳහන් කළා.