78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී ගජනායක මහතා පැවසුවේ ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත රැඳවියන් හට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රධානය කර ඇති බවය.
ඒ අනුව පහත සඳහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ ජනාධිපති සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇති බව සඳහන්ය.
බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01 ක සමාවක් ප්‍රධානය කිරීම ද මේ යටතේ සිදු වෙයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම ජනාධිපති සමාව යටතේ සිදුවන බවය.








