රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සියලු විශේෂඥ වෛද්‍යවරුන් ආවරණ රාජකාරීවලින් ඉවත්වීමත් සමග දිවයින පුරා විශේෂඥ වෛද්‍ය ඒකක 164ක සේවා අඩාල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම තීරණය ගෙන ඇති අතර, මේ හේතුවෙන් රෝහල්වල ශල්‍යාගාර, දැඩි සත්කාර, විකිරණ, නිර්වින්දන සහ ප්‍රසව හා නාරි ඇතුළු විශේෂඥ වෛද්‍ය ඒකකවල කටයුතුවලට බාධා එල්ල වී ඇති බව සඳහන්.
මේ අතර, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම්වලට අනුව ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් 50 දෙනෙකු මෙම සතිය තුළ එකවර ඉවත්වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
එම රෝහලේ අධ්යක්ෂවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන බව කියන ඇතැම් ද්වේශ සහගත ප්‍රකාශ ද ඊට හේතුවී ඇති බවයි එම සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණී රෝගීන් තවදුරටත් අපහසුතාවට පත්ව සිටිනවා.








