ලෝක වෙළෙඳපොළේ සීග්රයෙන් ඉහළ ගිය රන් මිල මේ වන විට පහත වැටීමට හේතුවූයේ ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර ඇතිකරගත් ගිවිසුම බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය පවසනවා.
අද වන විට ලෝක වෙළෙඳපොළේ රන් මිල අමෙරිකානු ඩොලර් 4737 සීමාවේ පවතිනවා.
ඒ අනුව, කැරට් 24 රන් පවුමක මිලද මේ වන විට රුපියල් 12,000කින් පහත වැටී, කැරට් 24 රන් පවුමක් රුපියල් 368,000 දක්වා පහත වැටී ඇති බවයි
සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ.
එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිලද රුපියල් 338,600 දක්වා පහත වැටී තිබෙනවා.








